Sunday, June 2, 2019
වජ්‍රයෝගිනි - རྡོ་རྗེ་རྣལ་འབྱོར་མ་
වජ්‍රයානය (තාන්ත්‍රික බුදුදහම) තුළ වජ්‍රයෝගිනි නොහොත් වජ්‍රවරාහි යනු බුද්ධත්වය කරා මග පෙන්වන්නා වූ ඥානාත්මක කෘත්‍ය ස්ත්‍රී ජනනේන්ද්‍රියකි. ඇය භාවනාවෙහි ඉශ්ඨදේවතාවියකි වන්නීය. ( අනුත්තර යෝග තන්ත්‍ර ඉෂ්ඨදේවතා) එමෙන්ම ඇයගේ සාධනා තුළ අකල් මරණ වලින් වැළකීමේ අරමුණ මූලික වේ.
වජ්‍රයෝගිනිය සාමාන්‍යන් සර්වබුද්ධදකිණි යනුවෙන් ව්‍යවහාර වන්නේය. එනම් "සියලු බුදු වරුන්ගේ සාරය වන දකිනියයි" ඇය සමස්ථ දකිණි යන්ගේ රැජිණයි. (දකිණි =බුද්ධත්වය කරා මග පෙන්වන්නා වූ ඥානාත්මක කෘත්‍ය ස්ත්‍රී ජනනේන්ද්‍රියන්)
භජ්‍ර/වජ්‍ර යන්නෙන් සංකේත්වත් කරන්නේ ගිගුරුම සහ විදුලියයි. වජ්‍රයේ පාළිකාව/ශක්තිය සහ හිමිකාරිය වන්නෙ වජ්‍රයෝගිනියයි. සමාන්‍යන් ඇයව දෘශ්‍යකරණය කරනු ලබන්නෙ තනිවමයි නමුත් ඇය හේරුක නම් ආරක්ශක දේවතාවා සමඟ එක් වූ විට හේවජ්‍ර නමින් හැඳින්වේ. හේ යනු මහා කරුණාවයි. වජ්‍ර යනු ප්‍රඥාවයි.
වජ්‍රයෝගිනිය දක්වන්නේ පරහාසාත්මක තිනේත්‍රයන් ගෙන් යුක්ත වූ රත් පැහැති ශරීරයකින් හෙබි 16 වියැති යුවතියක් ලෙසිණි. ඇයගේ දක්ශිණ භාහුවෙහි වජ්‍ර කාර්ත්‍රියක් වේ. (වජ්‍රය සමඟ එක් කළ පිහියක්)වම් භාහුවෙහි රූධිරය සහිත කපාලයක් වන අතර ඇය එය පාණය කරමින් සිටින්නීය. ඇය ගෙලෙහි කපාල මාලවක් දරා සිටින අතර එයින් වචනයේ පිවිතුරු බව සංකේතවත් වන්නේය. ඇය ප්‍රබෝධය නම් රුධිරයෙන් කපාලය නම් භක්තිකයන් ව පුරවන්නේය.
ඇයගේ සත්‍ය මන්ත්‍ර සහ සාධනා ක්‍රම ඉතා රහසක් වන අතර අන්තර්ජාලය තුල ඒවා සොයාගත හැකි නමුදු, නිවැරදි ක්‍රමය ගුරු ඇසුරකින් පමණක් ලබාගත යුතු ය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment